Social Icons

facebookrss feedemailtwitter

Sunday, February 4, 2018

මොහොමඩ් නෂීඩ් නිදහස්


මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ අනෙකුත් විපක්ෂ නායකයන් අටදෙනෙකු වහාම නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරනය  නියෝග කර තිබේ.
UPDATE 2018 - 2 - 6
ඉදිරි දින 15 කාලය තුළ රට පුරා හදිසි නීතිය පණවන බව, මාලදිවයිනන් රජය නිවේදනය කර තිබේ.

ආණ්ඩුව එම නිවේදනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව සිරගත කරනු ලැබ සිටින විරුද්ධ පක්ෂයේ දේශපාලාන සිරකරුවන් නිදහස් කරන මෙන ඉල්ලා සිටිමින් මාලදිවයින් විරුද්ධ පක්ෂ ආධාරකරුවෝ දිවා රෑ නොබලා උද්ඝෝෂණවල නිරතව සිටින අතරවාරයේය

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ තවත් විපක්ෂ දේශපාලනඥයන් 08 දෙනෙක් ඉහත කී දේශපාලන සිරකරුවන් අතර වෙති. ඔවුන්ට එරෙහිව පැවැත්වූ නඩු විභාග දෝෂසහගත සහ දේශපාලන අරමුණකින් දියත් වූවක් බව, අධිකරණයේ අවසන් නිගමනය විය. එහෙත් එම නියෝගය පිළිබඳව ප්රශ්න කරන ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප ඇත.


මේ අතර, මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතා අත්අඩංගුවට ගෙන ඇති බවමෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට්පුවත් සේවය වාර්තා කර ඇත.  හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පවුලේ අර්ධ සහෝදරයෙක් වන බව පැවසේ.

UPDATE -2018 - 2 - 5
මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළහොත් ඊට එරෙහි වනලෙස එරට රජය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ

සිරගතකර සිටින විපක්ෂ දේශපාලනඥයින් නිදහස් කිරීමට ලබාදුන් අධිකරණ නියෝගය වත්මන් ජනාධිපතිවරයා නොසළකා හැරීමත් සමග ඔහුට එරෙහිව අධිකරණය දෝශාභියෝගයක් ගෙන ඒමට සූදානම් වන අවස්ථාවක මෙම නියෝගය ලබා ඇති බව පැවසේ.  හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහි නඩු විභාගය ව්‍යවස්ථා විරෝධී බවත්බන්ධනාගාරයේ සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් නව දෙනා නිදහස් කරන ලෙසත් අධිකරණය පසුගියදා නියෝගයක් ලබා දුන්නේයඑම නියෝගයට එරෙහි වූ ආරක්ෂක අංශ මාලදිවයිනේ පාර්ලි‍මේන්තුව වටලා විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේයජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම නීති විරෝධී නිසා ඊට එරෙහි වන ලෙස එරට නීතිපති මොහොමඩ් අනිල් ආරක්ෂක අංශ‍වෙත දැනුම් දී ඇති බවවාර්තා වේ.