Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 3, 2018

මෑත කාලයේ විප්ලවවාදී සිනමා නිර්මාණය “පද්මාවත්”

ඉන්දියාවේ පමණක් නොව ලොව රටවල් රැසක විශාල ආන්දෝලනයක් ඇති කළ ඉන්දීය සිනමා අධ්‍යක්ෂ “සංජේ ලීලා බන්සාලි” ගේ “පද්මාවත්” චිත්‍රපටය රූපගත කිරීමේ අවස්ථාවේ සිටම බාධක රැසකට මුහුණ දුන් නිර්මාණයක් වශයෙන් හැදින්විය හැකිය. නඩු පිට නඩු වැටීම නිසා තිරගත කිරීම කල්ගිය චිත්‍රපටය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත පසුගිය 25 වැනි දා සිට ඉන්දියාවේ සහ පකිස්ථානයේ ප්‍රදර්ශනය කිරීම ඇරඹිණ.


නමුත් ඉන්දියාවේ රාජස්ථාන්, ගුජරාඨ, හරියානා සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්තවල එය තිරගත නොවූයේ කලහකාරී විරෝධතා නිසාය. චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹුණු පසු සිනමාහල්වලට පොලිස් ආරක්ෂාව ද යොදා තිබුණ. හින්දු අන්තවාදීන් සිනමාහල්වලට පහර දී සිනමාහල්  රැසක්  ගිනිබත් කර ඇති බව පසුගියදා වාර්තා විය.

ශත වර්ෂ 5 ක් පැරණි ඉන්දියානු ආදරයක් මෙහි කතා මූලය වී ඇත. ඉන්දියාවේ රාජ් පුත් කාන්තාවන් පද්මාවතී හදුන්වන්නේ දෙනගනක් ලෙසය. ඇයට විවිධ පුද පූජා ද සිදු කෙරේ. මෙය ඉන්දියානු වීර කාව්‍යයකි.

මහා බ්‍රිතාන්‍යයේ දෙමළ ඩයස්පෝරා සංවිධාන විසින් මෙහි ප්‍රධාන නිළි චරිතයට රංගන දායකත්වය සපයන ජනප්‍රිය නිළි දීපිකා පාදුකෝන්ගේ හිස ගෙනත් දෙන්නෙකුට ස්ටර්ලිං පවුම් මිලියන 50 ක් ලබා දෙන බවද පවසා තිබේ. ඉන්දියානු මුදලින් එය රුපියල් මිලියන 50 ක මුදලකි.

කෙසේ වුවත් ඉදිරියේදී බොක්ස් ඔෆීස් වාර්තා තබන සිනමා නිර්මාණයක් විය හැකි බවට මෙය හැදින්වේ. මේ දිනවල මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ද තිරගත කිරීම ආරම්භ කර තිබේ.

UPDATE


හින්දු ජාතිකවාදීන්ගේ විරෝධය මධ්‍යයේ ජනවාරි 25 වැනිදා තිරගත වීම ආරම්භ කරන ලද “පද්මාවත්” චිත්‍රපටය මැලේසියාවේ තහනම් කර තිබේ. ඉස්ලාම් දහම වැරැදි ආකාරයෙන් නිරූපණය වන බව ප්‍රකාශ කරමින් චිත්‍රපටය තිරගත කිරීම තහනම් කිරීමට මැලේසියානු රජය පියවර ගෙන ඇති බව සදහන්.