Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 3, 2018

බැඳුම්කර නඩුවේ නියෝග

අර්ජුන් ඇලෝසියස්ට විදේශ ගමන් තහනම් කෙරේ. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් සැකකරුවන් ට  කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග 10ක් ලබා දුන්නාය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පැමිණීම පිළිබඳ ආගමන විගමන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන ලෙසත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට නියෝගයක් නිකුත් කර ඇත.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ප්‍රාථමික හා ද්වීතීයක වෙළඳ පළ ගනුදෙණු වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ  විද්‍යුත් මුදල් හුවමාරූ ගිණුම් දෙකකට මුල්‍ය මණ්ඩලය විසින් පනවා ඇති තහනම ඉවත් නොකරන ලෙසට අධිකරණය මුල්‍ය මණ්ඩලයට නියම කළේය.

ප්‍රමාදයකින් තොරව බැදුම්කර ගනුදෙනුවලට සම්බන්ධ මුලික ලියකියවිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට බාර දෙන ලෙස එම සමාගමට නියෝග කර ඇත. සමාගම සතු වත්කම් සහ අරමුදල් කිසිදු පාර්ශවයකට තෑගි කිරීම, මාරූ කිරීම, ආයෝජනය කිරීම තහනම්ය. අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට පෙබරවාරී 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

2015 පෙබරවාරී සිට 2016 මාර්තු දක්වා කාලයේදී බැදුම්කර ගනුදෙනු වලින් ලබාගත් ලාභයෙන් සමාගම ලැබූ වත්කම් පිළිබද ලැයිස්තුවක් ලබා ගන්නා ලෙසද අධිකරණය නියම කළේය.