Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

මුදල් විශුද්ධිකරණයට ලංකාවත් ඇතුළත් - යුරෝපා සංගමය

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇත. යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ පසුගියදා පැවති ඡන්ද විමසීමකින් පසු ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ ට්‍රිනිඩෑඩ් - ටොබෑගෝ යන රටවල් මෙලෙස අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවය. මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා ඇත.


යුරෝපා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්ද 357 ක් ලැබී ඇති අතර, විරුද්ධව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 283 කි. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු ඡන්ද විමසීමට සහභාගී නොවීය.