Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

වෛද්‍ය ඉතිහාසයේ තවත් වැදගත් ශෛල්‍යකර්මයක්

ඉතිහාසයේ ප්‍රථම වරට ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව සිදුකරන ට්‍රාන්ස්ඔවරල් ලැපරස්කොපික් තයිරොඩෙක්ටමි (Transoral endoscopic thyroidectomy) නැමැති සැත්කමක් සිදු කිරීමට කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හැකි වූ බව, උගුර කන නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා සඳහන් කර සිටී.


කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක් මෙසේ පළමු සැත්කමට ඉදිරිපත් වූ අතර සැත්කමෙන් පසු ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තාවේ. සෑම අයෙකුම ගෙලෙහි කැපුම් යොදා සිදුකරන සැත්කම් වලින් පසුව හටගන්නා කැලැල් හේතුවෙන් ඇති වන බාහිර පෙනුමේ අවලක්‍ෂණ ස්වභාවයට බොහෝ දෙනෙක් අකමැතිය. ඒ නිසා මෙම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව රෝගියා නිර්වින්දනයෙන් මිදුන පසු අවම වේදනාවකින් හා අවම රුධිර වහනයකින් සිදුකළ හැකි අතර, ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල කැලැල් ද ඇති නොවේ.

පැය 4 කට ආසන්න කාලයකදී සාර්ථක අයුරින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුන කොටස ඉවත් කිරීමට හැකිවී තිබේ.