Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

මාලදිවයින් ජනපති අමෙරිකාවේ සහය පතයි - අමෙරිකාව එයට එකඟ වේ

වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ධුරයෙන් ඉවත් කිරීමට සහාය වන්නැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇත. ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි නීතිය ක්රියාත්මක කරන මුවාවෙන් “හමුදා නීතිය” රට තුළ ක්රියාත්මක කර ඇතැයි, ද මාලදිවයිනෙන් පිටුවහල් කර සිටින හිටපු ජනාධිපතිවරයා ප්රකාශ සිටී.


මේ අතර අමෙරිකා එක්සත් ජනපදය මාලදිවයිනේ ජනතාව සමඟ සිටින බව, එරට ජාතික ආරක්ෂක කවුන්සිලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති බව සඳහන්ය. එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය, චීනය ඇතුළු රටවල් කිහිපයක්ම එම රටවල ජනතාවගෙන් මාලදිවයිනේ සංචාරය නොකරන්නැයි සඳහන් කරමින් “සංචාරක අනතුරු ඇඟවීමේ” නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීම මර්දනය අවසර ලබා දීමක් නොවිය යුතු යැයි ජාත්යන්තර ක්ෂමා සංවිධානය ද අවධාරණය කර ඇත.

මොහොමඞ් නෂීඩ් මාලදිවයිනේ ප්රජාතන්ත්රවාදීව තේරී පත්වූ පළමු ජනාධිපතිවරයා වේ.