Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

ප්‍රති මිසයිල පද්ධතියක් චීනයෙන්

ගුවනේදී මිසයිල විනාශ කළ හැකි ප්‍රති මිසයිල පද්ධතියක් සාර්ථකව අත්හදාබැලීමට චීනය සමත්වේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ හමුදා නවීකරණ ප්රතිපත්තියට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ. එමෙන්ම චීන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙය කිසිදු රටක් ඉලක්ක කරගෙන සිදු නොකළ අතර, හුදෙක් ආරක්ෂාව සඳහා කළ අත්හදා බැලීමක් වන බවය.