Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

උතුරු කොරියාවේ ඉහළ නියෝජිත කණ්ඩායමක් දකුණු කොරියාවේ සංචාරයක

උතුරු කොරියාවේ උත්තරීතර ජනතා සභාවේ ස්ථාවර කමිටු සභාපති Kim Young-Nam ප්‍රමුඛ නියෝජිත පිරිස ලබන 9 වැනි දා සිට 11 වැනි දා දක්වා දකුණු කොරියාවේ සංචාරයක නිරත වේ. ඒ සඳහා නියෝජිතයින් 3 දෙනෙකු හා සහායකයන් 18 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුළත් ය. දකුණු කොරියාවේ PyeongChang හී පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාව සහභාගී කරවීම එහි ප්‍රධාන අරමුණය.
දකුණු කොරියාවේ PyeongChang හී දී සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන 9 වැනි දින සිට 25 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.