පෘථිවිය ඇතුළත් සූර්යග්‍රහ මණ්ඩලය පවතින ක්ෂීර පථයේ චක්‍රා වාටයෙන් පිටත මන්දාකිණියකින් ප්‍රථම වරට ග්‍රහලෝක පෙළක් සොයාගනී. අමෙරිකානු ඔක්ලොහෝමා සරසවියේ තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු මේ බව අනාවරණ කර තිබේ. ඒ නාසා ආයතනයේ අභ්‍යවකාශයේ පිහිටි එක්ස් කිරණ පරීක්ෂණාගාරයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුවය. මෙතෙක් ක්ෂීර පථයෙන් පිටත ග්‍රහලෝක පවතින බවක් සොයාගෙන නොතිබිණ.
නමුත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3.8 ක් පමණ ඈතින් වූ චක්‍රා වාටයක පෘථිවියට සමාන ප්‍රමාණයේ මෙන්ම සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය වන බ්‍රහස්පතී තරම් විශාල ග්‍රහලෝක ද නිරීක්ෂණය කර ඇති බව වාර්තා වේ.
නමුත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3.8 ක් පමණ ඈතින් වූ චක්‍රා වාටයක පෘථිවියට සමාන ප්‍රමාණයේ මෙන්ම සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය වන බ්‍රහස්පතී තරම් විශාල ග්‍රහලෝක ද නිරීක්ෂණය කර ඇති බව වාර්තා වේ.