Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

තායිවානයට රික්ටර් පරිමාණ 6.4 ක භූ කම්පනයක්

තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 200 කට අධික  පිරිසක් තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම භූ කම්පනය රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයකින් යුතු වන බවය.


හියුලින් නගරයේ හෝටල් සහ නේවාසික ගොඩණැගිලි කිහිපයක් මේ නිසා විනාශව ඇති අතර, එහි සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් යොදා ඇති බව සඳහන්. විනාශ වූ ගොඩණැගිලි අතර රෝහලක් ද තිබෙන බව වාර්තා වේ. නිවාස 40,000 කට පමණ හානි සිදුව ඇති අතර මහා මාර්ග කිහිපයක් ද වසා දමා ඇති බව සඳහන්ය.