Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

ඉස්මයිල් හනීයා ත්‍රස්තවාදීන්ගේ නාම ලේණඛයට

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනීයා ත්‍රස්තවාදීන්ගේ නාම ලේණඛයට එක් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත. හමාස් සංවිධනය මේ සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව වාර්තාවේ. හනීයා හමාස් සංවිධානයේ ප්‍රධානියා ය. එමෙන්ම ඔහු දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ද වේ.
ඒ අනුව ඉස්මයිල් හනීයා සතු දේපල ද තහනමට ලක් වන අතර, ඔහු සමඟ අමෙරිකානු ජාතිකයින්ට ගනුදෙණු සිදු කිරීමද අමෙරිකානු අධිකරණ නීතියට අනුව තහනම් කර තිබේ.

හමාස් සංවිධානය මෙය හඳුන්වන්නේ මෙය උමතු ක්‍රියාවත් ලෙසය. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, හනීයා ඊශ්‍රායල ජාතිකයින්ට එරෙහි දියත් කළ ප්‍රහාරයන්ට සම්බන්ධව ක්‍රියා කර ඇති බවය.