Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

තැපැල් ඡන්ද භාවිත නොකළ පිරිසගෙන් මුදල් අයකර ගත යුතුයි - මැතිවරණ කොමසාරිස්

තැපැල් ඡන්දය සඳහා ඉල්ලු කර ඡන්දය භාවිත නොකළ පිරිසගෙන් නිදහසට කරුණු විමසන බවත් ඒ සඳහා වැය වූ මුදල අයකර ගැනීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටී. එක් තැපැල් ඡන්දයක් සඳහා රුපියල් 750 කට වැඩි මුදලක් වැය වී තිබේ.
ලකුණු නොකළ ඡන්ද පත්‍රිකා 2500 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොළඹට ලැබී තිබේ. 1500 ත් 2000 ත් අතර පිරිසක් තැපැල් ඡන්ද ඉල්ලුම් කර තිබේ. ඡන්දය ප්‍රකාශ නොකිරීමට හේතු වූ සාධාරණ හේතුවක් මේ සඳහා ඉදිරිපත් කළ යුතුවේ.