Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 1000 ක වටිනාකමකින් යුත් සමරු නෝට්ටුවක් නිකුත් කර තිබේ. මෙය මහ බැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.
මෙහි වම් පස කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ හා 70 වන නිදහස සැමරීමේ ලාංඡනය යොදා ඇති අතර 11 වැනි කාණ්ඩයේ 1000 නෝට්ටුවේ මැද ඇති රම්බොඩ උමගේ ඡායා රූපය වෙනුවට පල්ලිය, පන්සල, කෝවිල සහ මුස්ලිම් දේවස්ථානය දැක්වෙන රූප යොදා තිබේ.

මෙම සමරු මුදල් නෝට්ටුව ලබන 6 වැනිදා සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.