Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 30, 2018

ලංවීමේ අලාභය කෝටි 4923 ක්

ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 4923 ක විශාල අලාභයක් වාර්තාකර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 2016 වසරේදී වාර්තා කළ රුපියල් කෝටි 1449ක අලාභයට සාපේක්ෂව මෙවර අලාභය සියයට 240 ක වැඩිවීමක්  මුදල් අමාත්‍යංශය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය මෙලෙස ඉහළ යෑමට හේතු වී ඇත්තේ එහි මෙහෙයුම් පිරිවැය ඉහළ යැම නිසා බවද 2017 වසරේදී මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය රුපියල් කෝටි 27296 දක්වා වැඩි වී තිබෙන බවද එහි සඳහන් වේ.