Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

රන් වියනේ ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

ශ්‍රී දළඳා මාළිගයේ රන් වියන ප්‍රතිසංස්කරණයට පියවර ගැනේ. ඒ සඳහා රුපියල් මිලියන 45 ක මුදලකි. වසර 20 කට පසුව සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සහයෝගය ලබාදේ.
මල්වතු අස්ගිරි උභය විහාරාධිපතිවරුන්ගේ සහ දියවඩන නිළමේතුමන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ජනාධිපතිතුමාගේ පූර්ණ උපදේශකත්වය යටතේ මෙම පිළිසකර කිරීම ආරම්භ කෙරේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ඇත. මොරටුව විශ්වවිද්‍යාලය මඟින් ඒ සඳහා අවශ්‍ය තක්ෂණික උපදෙස් ලබා දේ. ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය. මාස හයක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නියමිත වේ.