Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 1, 2018

දෙමළ ජනතාවට අනතුරක්

සිංහල ජනතාව උතුරේ පදිංචි කිරීම දෙමළ ජනතාවගේ අනාගතයට විශාල අනතුරක් බව ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත. මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී ඇති බවද දේවානන්ද මහතා පෙන්වා දී තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් ඉඩම් අක්කර 2600 ක් පමණ සිංහල ජනතාවට ලබාදී තිබේ. එම ඉඩම් ලබාගත් පුද්ගලයින් උතුරු ප්‍රදේශයට සම්බන්ධයක් නැති අය බව ද ඔහු බවසා ඇත. වැලිඔය ප්‍රදේශයේද මුළුමනින්ම සිංහල ජනාවාස. ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම් ආදී දෙමළ ජනතාවට අයත්ව තිබූ ඉඩම් ද මේ වන විට දෙමළ ජනතාවට ලබාදී ඇතැයි දේවානන්ද මහතා පවසා සිටී.

මේ අතර මල්වතු ඔය සංවර්ධනය කිරීමේ වැඩසටහන නිසා සෙට්ටිකුලම හා මඩු ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉඩම් අක්කර 10,000 ක් පමණ දෙමළ ජනතාවට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ද ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.