Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරකින් 190ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ ජලාශයක සිදු වූ බෝට්ටු අනතුරකින්190කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට පොලීසිය නිවේදනය කළේය.

සුමාත්‍රාවේ ටෝබා ජලාශයේදී බෝට්ටුවක් පෙරළී යාමෙන් එම අනතුරු සිදු වී තිබේ. අනතුරුට පත්වන අවස්ථාවේදී බෝට්ටුවේ කොතරම් පිරිසක් සිටියා ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කිරීම හැකියාවක් නැතැයි, ඉන්දුනීසියානු බලධාරීන් පවසා ඇත.

අනතුරට පත්වූ බෝට්ටුව නීතිවිරෝධී අයුරින් මගීන් ප්‍රවාහනය කරන ලද්දක් බව ද පැවසේ. කෙසේ වෙතත් අතුරුදන් වූවන් සොයමින් සෙවුම් සහ මුදා ගැනීම් මෙහෙයුම් ආරම්භ කිරීමට එරට ආපදා ආයතනය පියවර ගෙන තිබේ.