Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 6ක් මරුට

ගත වූ පැය 48ක කාලය තුළ ධාරානිපාත වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ඊසානදිග ඉන්දියාවේ ත්‍රීපුර සහ මනිපූර් ප්‍රාන්තවලින් පුද්ගල මරණ 6ක් වාර්තා වේ.

ඉන් මරණ 4ක් වාර්තා වී ඇත්තේ ත්‍රීපුර ප්‍රාන්තයෙන් වන අතර 2ක් වාර්තා වී ඇත්තේ මනිපූර් ප්‍රාන්තයෙනි. ඊසානදිග ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති අතර ආපදා තත්ත්වයත් සමඟ දහස් සංඛ්‍යාත පිරිසක් ඇසෑම් ප්‍රන්තය තුළ සිරව සිටී.

එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බවයි. ඉම්පාල් අගනුවර වැඩි කොටසක් ගංවතුරට හසුවීමෙන් අනතුරුව පාසල් ඇතුළු රජයේ ආයතන සඳහා නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට මනිපූර් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ. මේ අතර දකුණුදිග ඇසෑම් සහ මනිපූර් ප්‍රාන්ත සම්බන්ධ කෙරෙන මාර්ගය ද නායයෑම්වලට හසුව විනාශ වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.