Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ඉරාක කුර්දිවරුන්ට තුර්කිය පහර දේ

ඉරාකයේ කුර්දි කම්කරු පක්ෂ සාමාජිකයන්ගේ සමුළුවකට තුර්කි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා පහර දී ඇතැයි වාර්තා වේ.

තුර්කිය චෝදනා කරන්නේ කුර්දි ත්‍රස්තවාදීන්ට, මෙම දේශපාලන පක්ෂයේ ද සහාය හිමිවන බවයි. ප්‍රහාරය එල්ල කළේ කුන්දිල් කඳුකරයේ ස්ථානයකට යැයි ද පැවැසෙයි. මේ වනවිටත් සිරියාවේ කුර්දි ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් තුර්කිය පහර දීම් සිදු කරයි. ඒ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දෙගොන්ගේ මෙහෙයවීමෙනි. තුර්කිය ඉරාකයේ කුර්දි ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ආරම්භ කළේ මීට සති කිහිපයකට පෙර සිටය. ඒ, ඉරාක රජයේ අනුදැනුම පරිදිය.