Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 24, 2018

දේශීය කර්මාන්තකරුවන්ට බදු සහන

දේශීය කර්මාන්ත විනාශවීමට ඉඩනොදී නඟා සිටුවීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

දේශීය කර්මාන්ත ශක්තිමත් කරන අතරම, ලෝක වෙළෙඳපළට පිවිසීම සිය අරමුණ බවත්, එම අරමුණ සඵල කර ගැනීම සඳහා දේශීය කර්මාන්තකරුවන්ට බදු සහන ලබා දීමටත් ඉදිරියේදී පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. යන්ත්‍ර හා උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී කර්මාන්තකරුවන්ගෙන් අය කරනු ලබන වැට් බදු ඉවත් කිරීමට තීරණය කර ඇති බව ද වික්‍රමසිංහ මහතා පවසා ඇත.

එමෙන්ම ණය පිළිබඳ ගැටලු විසඳීමටත් සාකච්ඡා කරමින් සිටින බව පැවසේ. අපනයනකරුවන්ටත් ඉදිරියේදී සහන ලබා දෙන බව සඳහන් කරයි. නිෂ්පාදනයන්ගෙන් කොටසක් අපනයනය කිරීමටත්, ඉතිරිය දේශීය වෙළෙඳපළට යොමු කිරීමටත් ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.