Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

ලොව වයස්ගතම ඔරන්උටන් මියයයි

ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන්උටන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී.

පර්ත් නුවර සත්වෝද්‍යානයේ "ගරුගාම්භීර වයසක කාන්තාව" ලෙස හඳුන්වන ලද පුවාන්, වයස්ගත වීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් මරණයට  පත් වී ඇත. ඇය 1968 සිට මෙම සත්වෝද්‍යානයේ සාමාජිකයෙකුව සිටි අතර, 2016 දී ඇයගේ වර්ගයේ ජීවත්ව සිටින ලොව වයස්ගතම ඔරන්උටන් ලෙසට ගිනස් වාර්තාවලට නිල වශයෙන් ඇතුළත් කරන ලදි.

වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සුමාත්‍රා ඔරන්උටන් වනයේදී වසර පනහක් ජීවත් වන්නේ ඉතා කලාතුරකින් බව සත්වෝද්‍යාන නිලධාරීහු පවසති.