Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

ශ්‍රී ලංකාවේ සෘජු විදෙස් ආයෝජන ඉහළ යයි

එය පසුගිය වසරේදී ඩොලර් බිලියන 1. 710 ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් විසින් සිදු කර ඇති මෙම ආයෝජන, පසුගිය දෙවසර සමඟ සැසඳීමේදී දෙගුණයක වර්ධනයකි.

ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ ලෝක බැංකු වැඩසටහන් ප්‍රධානී ආචාර්ය ටැටියානා නැනෝවා පවසන්නේ තවත් අංශ ගණනාවක සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය වර්ධනය කළ හැකි බවයි. ආචාර්ය ටැටියානා නැනෝවා පවසන පරිදි ශ්‍රී ලංකාවේ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය සියයට 2කින් වර්ධනය වී තිබේ. මැලේසියාවේ වර්ධනය සියයට 3 -4 ක ප්‍රමාණයක් අඩුවී ඇති අතර වියට්නාමයේ අඩුවීම සියයට 5 -6 ක ප්‍රමාණයකි.