Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 24, 2018

කොරියානු යුද්ධයෙන්, බෙදුණු පවුල් නැවත එකතු කිරීමට දෙරටේ නායකයින් එකඟ වේ

කොරියානු යුද්ධය නිසා බෙදුණු පවුල් නැවත එකතු කිරීම සඳහා උතුරු සහ දකුණු කොරියානු නායකයෝ සාකච්ඡා පවත්වයි. ඒ උතුරු කොරියාවේ කුම්ගන්ග් කඳුකර ප්‍රදේශයේදී.

වසර තුනකට පසු වෙන්වුණු පවුල් එක් කරන පළමු අවස්ථාව මෙය වන අතර, රතු කුරුස සංවිධානය ද මෙම කාර්යයට මැදිහත්ව සිටී. න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් හේතුවෙන් පළුදු වූ සබඳතා වර්ධනය කර ගැනීමට පසුගිය අප්‍රේල් 27 වැනි දින පැවැති හමුවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ මූන් ජේ ඉන් එකඟතාව පළ කළේය.

ඒ සඳහා අවශ්‍යය පියවර ගන්නා බව උතුරු කොරියානු නායකයා එම හමුවේදී පොරොන්දු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1950 - 1953 අතර කාලයේ දී ඇති වූ කොරියානු යුද්ධය හේතුවෙන් දෙරටට වෙන්ව ගිය පිරිස් එකතු කිරීමට උතුරු සහ දකුණු කොරියාව එකඟතාව පළකර තිබේ. එම සාකච්ඡා වලදී පවුල් යළි එක් කිරීම වෙනුවෙන් ලබන අගෝස්තු මාසයේ 20 වැනි දින සිට 26 වැනි දින දක්වා කාලය ලබා දී ඇත. මේ අතර වසර 1910 – 1945 අතර කාලයේ ජපාන‍යේ යටත් විජිතයක්ව පැවති කොරියානු අර්ධද්වීපයේ විමුක්තිකාමී නිදහස එක්ව සැමරීමට උතුරු - දකුණු කොරියානු නායකයින් එකගවී තිබේ. නිදහස් සැමරුම අගෝස්තු 25 වැනි දින පැවැත්වේ.