Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 2015 පෙර ගිවිසුම්වල අක්‍රමිකතා හෙලිවේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසර 2015 ට පෙර ගිවිසුම්වලට එළඹීමේදී එවකට පැවති වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩි අගයක් ඉදිරිපත් කර ඇතැයි, ජනාධිපති කොමිසම හමුවේ කරැණු හෙළිවේ.

එම ප්‍රමාණය සියයට 40 ඉක්ම වන බවයි, කොමිසම හමුවේ සාක්‍ෂි දුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කපිතාන් රුවන් විතානගේ මහතා සදහන් කර ඇත්තේ. ශ්‍රී ලන්කන්, මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් යන සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට, ජනාධිපති කොමිසමක් පත්කර ඇත. ශ්‍රී ලන්කන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් ගත් එක්සත් රාජධානියේ සමාගමක් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ජාවක දී ගිවිසුම්වල මිල ගණන් පිළිබඳ තොරතුරු ලැබුණු බව, කපිතාන්වරයා සදහන් කර තිබේ.

ඒ එම සාකච්ජාවලට සහභාගි වූ ගුවන් නියමු සංසදයට ලැබුණු තොරතුරු මගින් බවයි, කපිතාන් රුවන් විතානගේ මහතා කොමිසම හමුවේ කියා සිටියේ. ජනාධිපති කොමිසමට සාක්‍ෂි ලබාදෙන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන්ට බලපෑම් සිදු කිරීමට ඉඩ නොතබන ලෙස, ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට නියෝග කර තිබේ. කොමිසම 20 වැනි දින නැවත රැස්වේ.