Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

අඟහරු නිරීක්‍ෂණයට යැවූ යානය බිඳ වැටීමේ අවදානමක

අඟහරු ග්‍රහයා මත නිරීක්‍ෂණ කටයුතු සඳහා නාසා ආයතනය යවා ඇති රෝවර් යානය බිඳ වැටීමේ අවදානමක් මතුව තිබේ.

මෙම තත්ත්වය ඇති වීමට හේතුව අඟහරු ග්‍රහයා මත දූවිලි කුණාටු වර්ධනය වීම බව නාසා ආයතනය සදහන් කර ඇත. රෝවර් යානය වසර 15 කට ආසන්න කාලයක් අඟහරු ග්‍රහයා මත රඳවා තිබේ.

දූවිලි කුණාටු සමග අඟහරු ග්‍රහයාට ලැබෙන සූර්ය කිරණ අඩු වීමෙන් අවශ්‍ය බලශක්තිය නිපදවා ගැනීමට නොහැකි තත්ත්වයක් ද ඉස්මතු වී ඇතැයි විද්‍යාඥයින් පවසයි. එසේම නැවත අදාළ බැටරි ප්‍රතිස්ථාපනය කර ගැනීමට සති ගණනක් හෝ මාස ගණනක් ගත විය හැකි බවට විශ්වාස කෙරේ. පසුගිය සති අන්තයේදී රෝවර් යානය සමග පැවති සියලු සබඳතා ඇණහිටි බව නාසා ආයතනය සඳහන් කළේය.