Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

දකුණු කොරියාවේ විශාලතම විනිමය හුවමාරු මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක්

දකුණු කොරියාවේ විශාලතම විනිමය හුවමාරු මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හැකර්වරුන් විසින් ඩොලර් මිලියන 31යි දශම 5ක් පමණ වටිනා ඉලෙක්ට්‍රෝනික මුදල් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. සයිබර් ප්‍රහාරය එල්ල කළ පාර්ශවය පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව සඳහන්ය. කෙසේවෙතත් අදාළ විනිමය හුවමාරු මධ්‍යස්ථානයේ ඉතිරි මුදල් මේ වන විට ආරක්ෂිත ක්‍රවේදයක් හරහා රදවා තබා ඇති බව ද  එම මධ්‍යස්ථානය පවසා තිබේ.