Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

2016 දී ජනාධිපති ඇතුළු දූත පිරිසේ වියදම කෝටි 12½ යි

වසර 2016 පැවති පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වු ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස වෙනුවෙන් කෝටි 12½ කට ආසන්න මුදලක් වැයවී ඇතැයි, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී 19 වැනි දින ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා ආරක්ෂක නිලධාරීන් ඇතුළු 60 දෙනෙකු සහභාගී වී ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා ඒ සඳහා රුපියල් දොළොස් කෝටි හතළිස් පන් ලක්ෂ දොළොස් දහස් නවසීය හැත්තෑවකුත් ශත තිස් නවයක මුදලක් වැය වී ඇතැයි පැවසීය.