Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

නන්ගාර්හාර්හි කාර් බෝම්බ ප්‍රහාරයෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නගරයක් වන නන්ගාර්හාර්හි තලේබාන් සහ ඇෆ්ගන් සන්නද්ධ බලකා ඉලක්ක කරගනිමින් එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ එක්ව ඊද් අල් ෆිතර් උත්සවය (රාමදාන්) සැමරීම සඳහා එක්ව සිටි අවස්ථාවකදී එම මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරය එල්ල වී ඇත්තේ 16 වැනි දිනය. රාමදාන් උත්සවය වෙනුවෙන් තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර සටන්විරාම කාලයක් ප්‍රකාශයට පත් කරන ලදී. මීට පෙර කිසිදු අවස්ථාවකදී එවැනි සටන් විරාමයක් ඇති කරගෙන නොතිබිණ.  අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.