Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

රාජ්‍ය වෙබ් අඩවි ජාලය ශක්තිමත් කෙරේ

හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ට අයත් වෙබ් අඩවිවල ආරක්ෂාව වඩා ශක්තිමත් කරන්නේ යැයි එම ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවැසීය.

එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් කෙරෙන ඉලෙක්ට්‍රොනික ආණ්ඩු ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව දකුණු ආසියාවෙන් ඉදිරියෙන් සිටින නමුත් වෙබ් අඩවි ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමේදී තවමත් සාධනීය මට්ටමකට පැමිණ නැතැයි මහාචාර්යවරයා අවධාරණය කර කීය.