Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගතා ගිවිසුමකට අත්සන් තැබේ.

රටවල් අතර යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ප්‍රවර්ධනය උදෙසා රටවල් අතර සමීප සබඳතා වැඩිදියුණු කිරීම මූලික කොටගෙන 9 වන ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන හා ඉදිකිරීම් මුදුන් සමුළුව පසුගියදා චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේදී පැවැත්විණ. ඊ‍ට  අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය. සමුළුවට සමගාමීව විශේෂ සම්මන්ත‍්‍රණ 14 ක් සහ ව්‍යාපාර හමු 160 ක්  පැවැත්විණ. චීනය වාණිජ අමාත්‍යාංශය මෙම සමුළුව සංවිධානය කළේ ය.