Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

ඖෂධ අවශ්‍යතාවෙන් 85% ක් රට තුළම නිෂ්පාදනය කිරීමට පියවර

මෙරටට අවශ්‍ය ඖෂධ 85% ක් ලබන වසර අවසාන වන විට මේ රට තුළම නිෂ්පාදනය කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රුධිරය පරිත්‍යාග කිරීමේදී රුධිර ප්ලාස්මා ඉවත දමන බවත් ප්ලාස්මා ගැලුම් දහස් ගණනක් වසරකට ඉවත දමන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉවත දමන ප්ලාස්මාවලින් ඖෂධ නිපදවීමේ හැකියාව පවතින බවත් ඒ අනුව තමා විසින් 2015 වසරේ සිට මෙරට ඉවත දමන රුධිර ප්ලාස්මා ඉන්දියාවට යැවීමට ආරම්භ කළ බවත් ඒ තුළින් විදේශ විනිමයද ඉපයූ බවද අමාත්‍යවරයා පැවසීය.

මෙරටට අවශ්‍ය ඖෂධ 85% ක් ලබන වසර අවසාන වන විට මේ රට තුළම නිෂ්පාදනය කර අවසන් කිරීම සඳහා සමාගම් 48 ක් සමඟ මේ වන විට ගිවිසුම් අත්සන් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.