Social Icons

facebookrss feedemailtwitter

Friday, June 22, 2018

සාගින්නෙන් පසුවන සංඛ්‍යාව ඉහළට

ලොව සාගින්නෙන් සිටින පිරිස නැවතත් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය  පෙන්වා දේ. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එළිදැක් වූ “2018 තිරසර සංවර්ධන ඉලක්ක” පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් විය.

දීර්ඝ කාලීනව සිදු වූ පිරිහීමකින් පසුව මෙම තත්වය උදාවී ඇති බව පැවසේ. ලොව සාගින්න ඇති වීමට ප්‍රධාන වශයෙන් දේශගුණික විපර්යාස, ගැටුම්, නියඟ සහ ආපදා තත්වයන් බලපාන බව එහි සඳහන් වේ. ලෝක ජනගහනය 2015 වසරේ දී මිලියන 777 ක් වූ අතර, එය 2016 දී මිලියන 815 ක් දක්වා වැඩි විය. ලොව පුරා මන්දපෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව 2015 දී සියයට 10.6 වූ අතර 2016 දී එය සියයට 11 දක්වා වැඩි වී ඇත.

පසුගිය වසරේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් මිලියන 151 දෙනෙක් වයසට සුදුසු නොවන උසකින් පසුවන බව ද එම වාරතාව පෙන්වා දේ. මේ අතර උසට සරිලන බර අඩු දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 51 කි. මිලියන 38 ක් ස්ථූලතාවයෙන් පෙළේ. සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකාර්මික කටයුතු සඳහා ආධාර සැපයීම 2016 දී ඩොලර් බිලියන 12.5 ක් විය. නමුත් මේ වන විට සහනාධාර ලබා දීමට අවම මට්ටමක පවතී. වාර්තා වන අන්දමට රටවල් 26 ක සාමාන්‍ය ආහාර මිල ගනන් ඉහළ ගොස් ඇත. මේ තත්වය ආහාර සුරක්ෂිතතාවයට අහිතකර ලෙස බලපාන බව එම වාර්තාව පෙන්වා දේ.