Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

කොරියානු යුද්ධයේදී මියගිය සෙබළුන්ගේ භස්මාවශේෂ ඇමරිකාවට

උතුරු කොරියාව “කොරියානු යුද්ධයේදී” අතුරුදන් වූ පුද්ගලයන් ද ඇතුළුව ඇමරිකා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ භස්මාවශේෂ ඇමරිකා එක්සත් ජනපදයට ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරනු ඇතැයි ඇමරිකා නිලධාරිහු පවසති.

දකුණු කොරියාවේ ස්ථාපිත කර තිබෙන එක්සත් ජාතීන්ගේ අණදෙන මූලස්ථානයට අදාළ භස්මාවශේෂ ලබාදීමට නියමිත බවත් ඉන් අනතුරුව ඒවා හවායි හි පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් හිකම් ගුවන් හමුදා කඳවුරට බාරදීමට නියමිත යැයි ද තම අනන්‍යාතව හෙළි නොකළ එම නිලධාරිහු කීහ. ඇමරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 12 වැනිදා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතර සිංගප්පූරුවේ පැවැති ඓතිහාසික හමුවෙන් පසුය. 

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ දත්තවලට අනුව 1950 සිට 1953 දක්වා පැවැති කොරියානු යුද්ධයේදී මියගිය ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන් 7,700කට ආසන්න පිරිසකගේ භෂ්මාවශේෂ උතුරු කොරියාව සතුව තිබේ. කොරියානු යුද්ධයේදී ඇමෙරිකා ආරක්ෂක අංශ සාමාජිකයන් 36,500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.