Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 30, 2018

සෞදි කාන්තාවන් මැදියම් රැයේ වීථි බසී

සෞදි රජයේ කාන්තාවන්ට රිය පැදවීමට පැවති තහනම ඉවත් කිරීමත් සමඟ රාත්‍රියේ කාන්තාවන් රැසක් එරට ප්‍රධාන නගරවල වීථිවලට පිවිසි බව විදෙස් වාර්තා පසුගියදා සඳහන් කළා.

මෙලෙස මෝටර් රථ පදවමින් තමන්ට ලැබුණු නව නිදහස සැමරූ අය අතර, සෞදි රජ පවුලේ සාමාජිකාවන්ද සිටි බව සඳහන්. මෙම පියවර ගෙන ඇත්තේ සෞදි පරිපාලනයේ විප්ලවකාරී වෙනස්කම් රැසක් සිදුකර ඇති මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝගයකින්. ඔහු සෞදි අරාබිය නවීකරණය කිරීමේ පියවර රැසක් ගෙන ඇති අතර, වසර 2020 වනවිට සෞදි කාන්තාවන් මිලියන 3 කට පමණ රිය පැදවීමේ බලපත්‍ර හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.