Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ඊශ්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

සිරියාව සමඟ එක්ව ඊශ්‍රායලයට විරුද්ධව ක්‍රියා කිරීම හේතුවෙන් ඉරානයට විරුද්ධව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ඊශ්‍රායලය පවසයි.

එරට අගමැති බෙන්ජමින් නෙතන්නියාහු මේ බව පවසමින් කියා සිටියේ ඊශ්‍රායලය උතුරු අසල්වැසි ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත හමුදා කඳවුර වැළක්වීමට ඉරානය ක්‍රියාකරන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ජෙරුසෙලමේ පැවති කැබිනට් රැස්වීමක් අතරතුරය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ බව ද ඔහු පැවසීය. පළමුව ඉරානය සිරියාවෙන් ඉවත් විය යුතු බව අගමැති බෙන්ජමින් නෙතන්නියාහු සඳහන් කර සිටී.