Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම රැක ගැනීමට යුරෝපය මැදිහත් වේ

යුරෝපය විසින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කර ගැනීමේ සැලසුම් මාලාවක් ඉදිරිපත් කරනු ඇති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යයවරයා ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය මේ මස අවසානයට පෙර ඉරානයේ අවශ්‍යතාව සහතික කිරීමේ අරමුණින් එවැනි වැදගත් සැළසුම් මාලාවක් ඉදිරිපත් කිරීමට ප්‍රතිඥා දී ඇති බව, ඉරාන නියෝජ්‍යය විදේශ අමාත්‍යය Abbas Araqchi මහතා 23 වැනි දින ටෙහෙරානයේදී ප්‍රකාශ කළේය.

එම සැළැසුම් ඉදිරිපත් කෙරෙන තෙක් බලා සිටින ඉරානය ඒ අනුව සක්‍රීය මෙහෙවරක් ඉටුවේ යැයි අපේක්ෂාවෙන් සිටින බව ද සඳහන් කළේය. ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය මාසයේ 8 වැනි දින ප්‍රකාශ කළේය. නමුත් ඉරානය එම ගිවිසුමේ තවමත් රැඳී සිටී.