Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

චිත්‍රපට බෙදාහැරීමේ බලතල යළිත් සංස්ථාවට

පෞද්ගලික අංශය වෙතින් සිදු කෙරුණු චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ඉදිරියේ දී ජාතික චිත්‍රපට සංස්ථාව හරහා සිදු කෙරෙන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා පවසයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 19 වැනි දින රජයේ චිත්‍රපට සංස්ථාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. 1971 අංක 44 දරණ රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත අනුව චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාව සතුව තිබිණ. පැවැති රජය විසින් මෙම ක්‍රියාවලිය සංස්ථාව වෙතින් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාවට අමතරව පෞද්ගලික සමාගම් 04 ක් සමඟ ඇති කරගත් තාවකාලික ගිවිසුමක් අනුව චිත්‍රපට බෙදා හැරිමේ අයිතිය පවරනු ලැබීය.

ඒ අනුව 2000 වසරේ සිට චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු මෙම ක්‍රමවේදය යටතේ සිදු කෙරිණ. නව ක්‍රමවේදය යටතේ සියලු සිනමා ශාලා හිමියන්ට සාධාරණයක් සිදුවන අන්දමින් ප්‍රධාන ධාරාවන් 03 ක් යටතේ මාරුවෙන් මාරුවට චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත. 1999 වසරේ දී චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු පෞද්ගලික අංශය වෙත පැවරීම සිදුකළ අවස්ථාවේ දී දිවයින පුරා චිත්‍රපට ශාලා 251ක් ක්‍රියාත්මක විය. මේ වන විට ක්‍රියාත්මක චිත්‍රපට ශාලා ගණන 177ක් බව පැවසේ.