Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

පුද්ගලික වෛද්‍ය සේවා වැට් බද්ද ඉවත් කෙරේ

ජුලි පළමු වැනිදා සිට ක්‍ෂේත්‍ර රැසක බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පුද්ගලික වෛද්‍ය සේවා, කුඩා දරුවන්ගේ ඉතුරුම් ගිණුම් සහ කලාකරුවන් මත පනවා තිබූ බදු ඇතුළු ක්‍ෂේත්‍ර සඳහා විශේෂ බදු කිහිපයක් ඉවත් කෙරෙනු ඇති.

විශේෂඥ වෛද්‍ය සේවා, වෛද්‍යවරයාගේ ගාස්තු හා ශල්‍යකර්ම ගාස්තු අඩු කිරීමට නියමිතයි. රෝහල් කාමර වෙන් කිරීම සඳහා අය කළ වැට් බද්ද පමණක් එලෙසම පවතිනු ඇති. වයස අවුරුදු 10ට අඩු දරුවන්ගේ, ඕනෑම මූල්‍ය ආයතනයක පවතින ගිණුම් සඳහා පැවති සියයට 5ක රැඳවුම් බද්ද ද ඉවත් කිරීමට නියමිතයි. එම ගිණුම් හිමියන් සඳහා වයස අවුරුදු 18 සපිරෙන තෙක් එම බද්ද අය නොකෙරේ.

මේ පියවර ගෙන ඇත්තේ ඉතුරුම් සම්බන්ධ දිරි ගැන්වීම සඳහාය. කලාකරුවන් වෙනුවෙන් ද විශේෂ බදු සහනයක් ලබාදීමට අපේක්‍ෂිතයි. ජනතාවට මෙම සහන ලබාදීමට නම් සෘජු බදු ආදායම් වැඩිකරගත යුතු බවත්, බදු ගෙවිය යුතු පිරිස් එය සමාජ වගකීමක් සේ සළකා ක්‍රියා කළ යුතු බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.