Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

මධ්‍යධරණී මුහුදේ දී බේරා ගත් සංක්‍රමණිකයන් වැලෙන්සියා වරායට

ඉතාලියෙන් හා මෝල්ටාවෙන් හරවා යවනු ලැබූ මධ්‍යධරණී මුහුදේ දී බේරා ගන්නා ලද සංක්‍රමණිකයන් ස්පාඤ්ඤයේ වැලෙන්සියා වරාය වෙත පැමිණ තිබේ.
සංක්‍රමණිකයින් 630ක් රැගත් යාත්‍රා තුනක් මේ වන විට වරායේ නැංගුරම් ලා තිබෙන අතර සෞඛ්‍ය නිලධාරීන්, පරිවර්තකයන් හා රතු කුරුස සේවකයන් ඔවුන්ගේ සහාය සඳහා එම යාත්‍රා වෙත යොමු කර ඇති බව නිල ආරංචි සඳහන් කරයි. 

ස්පාඤ්ඤයේ නව සමාජවාදී රජය නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමටත් සෑම රැකවරණ ඉල්ලීමක් සම්බන්ධයෙන්ම විමර්ෂණය කරන බවටත් පොරොන්දු වී තිබේ‍. මානව හිමිකම් වගකීම්වලට අනුකූලව කටයුතු කිරීම සඳහා මානුෂීය ව්‍යසනයන් මඟ හැරවීම සහ මේ ජනයාට ආරක්ෂිත වරායක් සැපයීම තම වගකීම බව අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් මේ සතිය මුල දී පැවසීය.