Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

දේශගුණික විපර්යාසයෙන් සහල් නිෂ්පාදනයට වන බලපෑම් මැඬලීමට චන්ද්‍රිකා තාක්‍ෂණය

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරිල් (Matthew Morel) මහතා ඇතුළු නියෝජිත පිරිස 19 වැනි දින ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

කලාපයේ රටවල් මුහුණ දී ඇති දේශගුණික විපර්යාසයන් සමග, ජාතික පරිභෝජනය සඳහා සහලින් ස්වයංපෝෂිතවීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ. ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම පසු අස්වනු හානි අවම කර ගැනීමට නවීන තාක්ෂණික සහය ලබාදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහල් නිෂ්පාදනයේ අගයදාමය ප්‍රවර්ධනය සඳහා ද නව තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.