Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

කිම් තෙවැනි වරටත් චීනයට

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් 19 වැනි දින චීනයේ බීජිං නුවරට පැමිණියේය. මේ වසරේදී මාස කිහිපයක් ඇතුළත උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි.

මෙම සංචාරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහු සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේ පැවැති හමුවේ දී සාකච්ඡා කළ කෙරුණු සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් දැනුවත් කිරීමට නියමිතයි. එමෙන්ම උතුරු කොරියානු නායකයා චීනයට පැමිණියේ සිංගප්පූරු හමුවෙන් සතියක් ගෙවී යන දිනය. ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව පසුගිය 12 වැනි දින සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී පැවැත්විණි.

උතුරු කොරියාවේ මෙන්ම චීනයේ ද කනස්සල්ලට හේතු වී තිබූ ඇමරිකා - දකුණු කොරියා අතර වාර්ෂිකව කෙරෙන ප්‍රධාන ඒකාබද්ධ යුද අභ්‍යාස නවතා දැමීමට දෙරටම එකඟ වූ බව ඇමරිකා ජනාධිපතිවරයා පසුගිය සතියේ නිවේදනය කළේය. උතුරු කොරියානු නායකයා දින දෙකක් චීනයේ රැඳී සිටින බව ද චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.