Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කෙරේ.

ඒ අනුව, රුපියල් 10 ක් ව පැවති අවම තැපැල් ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි වන අතර ග්‍රෑම් 100 දක්වා වැඩි වන ග්‍රෑම් 20 ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10 බැගින් වැඩි වේ. ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 250 දක්වා වැඩි වන සෑම ග්‍රෑම් 50 ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 5 බැගින් වැඩි වේ.

ලියාපදිංචි තැපැල් ගාස්තුව ද රුපියල් 25 සිට රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර තැපැල් පාර්සල් ගාස්තුව ද බර අනුව ඉහළ දමා ඇත. ව්‍යාපාරික ලිපි සඳහා පැවැති ගාස්තුවල සංශෝධනයක් සිදුවී නොමැත. තැපැල් පතක මිල ද රුපියල් 8 සිට රුපියල් 10 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇත. ටෙලිමේල් සඳහා ස්ථාවර ගාස්තු වෙනස් නොවන අතර පළමු වචන 10 සඳහා පැවැති රුපියල් 20 ක ගාස්තුව රුපියල් 30 දක්වා ද වැඩි වන සෑම වචනයක් සඳහාම රුපියල් 1.50 ක් වූ ගාස්තුව රුපියල් 2 දක්වා ද වැඩිවේ.

පණිවුඩය බෙදීමේ රුපියල් 15 ක් වූ සහතික ගාස්තුව රුපියල් 20 දක්වා ද වැඩි වේ. එම තීන්දුව ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට 20 වැනි දින ඉදිරිපත් කළේය. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද අමාත්‍යය එම්.එච්.ඒ හලිම් මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව ජුනි 15 දා සිට තැපැල් මුද්දරයක ගාස්තුව වැඩි වන බව පැවසේ. පිරිවැය ඉහළයාම තුළ මෙලෙස ගාස්තු වැඩි කළ බව ද ඉහත ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.