Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

සිරකරුවන් 353 කට සමාව

රාමදාන් මාසය උදාවීම නිමිත්තෙන් බන්ධනාගාර ගත කර සිටි සිරකරුවන් තුන්සිය පනස් තුන්දෙනෙකුට (353) සමාව ලබාදෙන ලෙස ඕමාන් නායක, සුල්තාන් කාබූස් බින් සෙයිඩ් නියෝග කර ඇති බව වාර්තා වේ.

නිදහස් කරනු ලබන සිරකරුවන් තුන්සිය පනස් තුන්දෙනා අතර විදේශිකයන් එකසිය තිස් තුන්දෙනෙක් (133) සිටින බව ඕමාන රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය. ඔවුන් ඕමාන තුළ සිදු වු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයන් බව ඕමාන රාජකීය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.