Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

පාර්ලිමේන්තු සංකීර්ණයට හිමිකම් ඔප්පුවක්

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය සඳහා වර්තමාන නීතිමය තත්ත්වයන්ට සමපාත වන අන්දමින් නිසි පරිදි මායිම් සටහන් කළ සින්නක්කර ඔප්පුවක් ප්‍රදානය 20 වැනි දින සිදුකෙරුණ.

ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඔප්පුව කතානායකවරයා වෙත භාර දුන්හ. 1982 අප්‍රේල් මස 29 වන දින සන්නසක් මගින් පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් භූමිභාගය පවරා තිබිණ. පාර්ලිමේන්තු සංකීර්ණයත්, ඊට ‍නුදුරින් පිහිටි කථානායක නිල නිවස අයත් භූමි භාගය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයට අයත් භූමි භාගය සඳහා ද නිසි පරිදි මායිම් සටහන් කර නූතන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සින්නක්කර ඔප්පුවක් ලෙස එය සකස්කර තිබේ.