Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට එකඟතාවක්

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව 18 වැනි දින එකඟත්වය පළ කර තිබේ.

ඒ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනපති ට්‍රම්ප් ලබාදුන් ප්‍රතිඥාවකට අනුවයි. ඒකාබද්ධ යුද අභ්‍යාසය අත්හිට වූ බව ඇමරිකානු පෙන්ටගනය ද තහවුරු කර තිබේ. පසුගිය වසරේ දී මෙම අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 17,500ක් සහ දකුණු කොරියානු සෙබලුන් 50,000ක් සහභාගි වූයේ දෙපාර්ශවයේ නවීනතම යුද උපකරණ සමඟයි.