Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

මැක්රෝන් මාකෙල් යුරෝපා කලාපීය අයවැයකට එකඟවෙති

යුරෝපා කලාපීය අයවැයක් නිර්මාණය කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් 19 වැනි දින එකඟතාව පළ කළහ. 

යුරෝපා කලාපයේ රාජ්‍ය 19 ක් අතර ආයෝජන වැඩි කරමින් ආර්ථික සහයෝගීතාව ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ අනුව මෙම තීරණය දැනුම්දීම සඳහා ප්‍රංශ සහ ජර්මානු නායකයන් දෙදෙනා යුරෝපා සංගම් නායකයන්ගේ හමුවක් කැඳවීමට සූදානම් වෙති.

එම හමුව ලබන 28 සහ 29 දින පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. යුරෝපා කලාපය ශක්තිමත් කිරීම යුරෝපා සංගමය තුළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මැක්රෝන් සහ මාකෙල් වැඩි අවධානයක් යොමු කර සිටිති. ප්‍රංශ ජනාධිපතිවරයා මේ දිනවල ජර්මනියේ සංචාරයක නිරත වී සිටින අතර එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවලදී ඔවුන් දෙදෙනා යුරෝපීය විදෙස්, ආරක්ෂක සහ සංක්‍රමණ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. “අපි නව පරිච්ඡේදයක් ආරම්භ කරනවා” යැයි සාකච්ඡාවලින් පසුව ජර්මානු චාන්සලර් මර්කෙල් පැවැසුවාය.