Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 30, 2018

ලෝක සාම දර්ශකයේ 67 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

2018 ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ  67 වන ස්ථානයයි.

ආර්ථිකය සහ සාමය පිළිබඳ ආයතනය විසින් ලොව පුරා රටවල් 163ක් සම්බන්ධයෙන් කරනු ලැබූ අධ්‍යයනයකින් පසුව ලෝක සාම දර්ශකය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. දකුණු ආසියානු කලාපීය රටවල් අතුරින් දෙවන ස්ථානයෙහි රැඳීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත.

දකුණු ආසියාවේ සාමකාමීම රට වන්නේ දර්ශකයේ 19 වන ස්ථානය ලබාගත් භූතානයයි. නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සිටින්නේ සාමකාමීත්වය අතින් ශ්‍රී ලංකාවට වඩා පහළිනි. 2008 වසරේ සිට අඛණ්ඩවම ලෝකයේ වඩාත් සාමකාමී රට බවට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. ඊළඟට පිළිවෙළින් නවසීලන්තය, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය මුල් ස්ථාන වල රැඳී සිටියි. ලෝකයේ අඩුම සාමකාමී රට බවට පත්ව තිබෙන්නේ සිරියාවයි.