Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

ලෝක කුසලාන තරගාවලියට ඩ්‍රෝන බෝම්බ තර්ජනයක්

ඩ්‍රෝන බෝම්බ යොදා ගනිමින් රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය විනාශ කරන බවට අයි. එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අනතුරු අඟවා තිබේ.

ඉරාකය සහ සිරියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අයි.එස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබේ. අයි.එස් සංවිධානය මීට පෙර ද අවස්ථා කිහිපයකදීම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීය.  අයි.එස් සංවිධානය මෙවර අනතුරු ඇඟවීම කරන ලද්දේ විඩියෝ දර්ශන කිහිපයක් අනතර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමිනි.

පා පන්දු තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන විනාශ වන අයුරු එම විඩියෝවල දැක්වේ. ලෝක කුසලාන පා පන්දු තරගාවලිය 14 වැනි දින ආරම්භ වූ අතර එය මොස්කව්, ශාන්ත පීටර්ස්බර්ග්, සෝචි, කලිනියන්ග්‍රාද්, නිෂ්නි නොව්ගොරෝද් ඇතුළු නගර කිහිපයක ක්‍රීඩාංගන 12 ක පැවැත්වේ.