Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

පරිසර පනත සංශෝධනය කෙරේ

කැබිනට් මණ්ඩලය විසින් ඊට අදාළ අනුමැතිය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ පරිසරය හා සම්බන්ධ සියලු අංශ ජාතික මට්ටමින් සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය නීතිමය රාමුව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මඟින් සලසා ඇත.

එම පනතට අදාළ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේ මූලික ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කර තිබේ. කාලීන අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි මෙම පනත අවස්ථා කිහිපයකදී සංශෝධනය කරනු ලැබූවද පරිසරය සම්බන්ධයෙන් වර්තමා‍නයේ උද්ගත වී ඇති ගැටලු සහ අනාගතයේදී උද්ගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට හැකි වන පරිදි එම පරිසර පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව, විශේෂයෙන්ම කර්මාන්තශාලා මඟින් සිදුවන ජල දූෂණය, නාගරික කැලි කසළ සම්බන්ධ ගැටලු, අනවසර ඉදි කිරීම් නිසා ඇතිවන ගැටලු ආදී කාලීන හා අනාගත ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.