Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

ගිම්හාන සමයේ දිවා විවේකය අනිවර්යයි

එළැඹෙන ගිම්හාන සමයේ දී එලිමහනේ වැඩ කරන සේවකයන්ට දිවා විවේකය ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුතු යැයි බහරේන රජය එරට සමාගම්වලට අවවාද කර තිබේ.

ඒ අනුව ගිම්හාන සමයේ දී එළිමහනේ වැඩ කරන සේවකයින්ට මධ්‍යහ්නයේ සිට සවස 4 දක්වා නිවාඩු  දීම අනිවාර්ය කර ඇත. මෙම නීතිය ජූලි සිට අගෝස්තු දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව බහරේන රජය පවසයි. බහරේනයේ මේ වන විට හිරු රශ්මිය අධික වෙමින් පවතින අතර දැනටමත් සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇතැයි පැවැසේ.

මේ තත්ත්වය යටතේ එලිමහන්වල සේවය කරන සේවකයන්ට දහවල් නිවාඩුව නොදෙන සමාගම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවත් එවැන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට පසුබට නොවන බව රජය නිවේදනය කර ඇතැයි බහරේන මාධ්‍ය පවසයි.